ප්‍රවෘත්ති නිවේදනය

Utilities & Tariffs#Press Release#lang:si

Published · Source: PUCSL ↗

TL;DR

What changed
The PUCSL has proposed a Rs. 15 billion subsidy to prevent electricity tariff increases for 95% of consumers.
Who it affects
This affects households, religious institutions, and other electricity consumers in Sri Lanka.
What to do
Stakeholders should submit feedback on the proposed tariff adjustments by .

Key numbers

Indicator Value Change Period
Government Subsidy Rs. 15 billion
Estimated Shortfall Rs. 38 billion

Official Announcement

ලෝක වෙළද පොලේ ඉංධන මිල ඉහල යාම හේතුවෙන් 2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සදහා විදුලි ජනනයට අදාල සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම 2026 අප්‍රේල් 27 වන දින ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇත. මෙම පිරිවැය ඇස්තමේන්තුව පදනම් කරගෙන ක්‍රියාවට නැගීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපදේශනයක් පැවත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාල උපදේශන පත්‍රිකාවේ පහත සදහන් කරුණු අඩංගු කර ඇත.

  • රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරය මැයි 10 සිට විදුලි පාරිභෝගිකයින්ට ලබා දීම
  • ගෘහස්ත සහ ආගමික සිද්ධස්ථාන ඇතුළු විදුලි පාරිභෝගිකයින් සියයට 95කට රජයේ සහනාධාරය මත ගාස්තු ඉහල නොදැමීමට නිර්දේශ
  • පොදු කාර්ය, රාජ්‍ය ආයතන හා සංචාරක හෝටල් යන කාණ්ඩවල මාසික පරිභෝජනය ඒකක 180ට වඩා අඩු අනු කාණ්ඩ සදහා ද ගාස්තුව ඉහල නොදැමීමට නිර්දේශ
  • කර්මාන්ත අංශයේ පළමු අනුකාණ්ඩය සදහාද විදුලි ගාස්තු ඉහල නොදැමීමට නිර්දේශ
  • ගල් අගුරු තත්වය හේතුවෙන් සිදුවන අතිරික්ත පිරිවැය විදුලි ගාස්තු වලට ඇතුළත් නොකිරීම තවදුරටත් තහුවරු කිරීමේ පියවර

2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සදහා විදුලි ජනන පිරිවැය ඉහල යාම  හේතුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට රුපියල් බිලියන 38ක හිගයක් ඇතිවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇස්තමේන්තු කර තිබේ. මෙම හිගය තුල ගල් අගුරු තත්වය හේතුවෙන් විදුලි ජනනය සදහා බලපෑ අතිරේක වියදම් අඩංගු කර නොමැත.  සමස්ත හිගයෙන් රුපියල් බිලියන 15ක් සහනාධාර වශයෙන් ලබා දීමේ රජයේ තීරණය මහ භාණ්ඩාගාරය විසින් කොමිෂන් සභාව වෙත දැනටමත් දන්වා ඇත. 

2026 වසරේ විශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා පහත ආකාරයන් ඔස්සේ ඉදිරිපත් කල හැකිය.

 

තැපෑලෙන්: 

2026 විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන උපදේශනය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,

6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,

ශාන්ත මයිකල් පාර

කොළඹ 3

ඊමේල්: [email protected]

ෆැක්ස්: 0112392641

වට්ස්ඇප්: 0764271030

වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් (077 294 3193) අමතන්න.

 

ඇමුණුම: උපදේශන පත්‍රිකාව සහ නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම (NSO) 2026 අප්‍රේල් 27 වන දින ඉදිරිපත් කළ පිරිවැය ඇස්තමේන්තුව – https://www.pucsl.gov.lk/extraordinary-tariff-review-april-2026/

The post ප්‍රවෘත්ති නිවේදනය first appeared on PUCSL.

Source: PUCSL ↗

Related guides & tools

← Back to all alerts