ප්‍රවෘත්ති නිවේදනය

Utilities & Tariffs#Press Release#lang:si

Published · Source: PUCSL ↗

TL;DR

What changed
Electricity tariffs will be revised starting , with an 18% increase for high consumption users.
Who it affects
This affects electricity consumers in Sri Lanka, particularly those in higher usage categories.
What to do
Consumers should monitor their electricity usage to understand potential impacts on their bills.

Key numbers

Indicator Value Change Period
Increase for high consumption users 18% ↑
Government subsidy amount Rs. 15 billion

Official Announcement

 

 

2026 විශේෂ විදුලි ගාස්තු සංශෝධනය මැයි 11 වන දින සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණ කර තිබේ. නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් 2026 අප්‍රේල් 28 වන දින ඉදිරිපත් කරන ලද පිරිවැය ඇස්තමේන්තුව පදනම් කරගෙන මෙම ගාස්තු සංශෝධනය සදහා පියවර ගන්නා ලදී. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැවත්වු මහජන උපදේශනයේදී ඉදිරිපත් වු යෝජනා සහ රජයේ සහනාධාර ප්‍රතිපත්තිය ආදි කරුණු සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද දින ගාස්තු සංශෝධනය පිළිබද අවසන් තීරණයට එළඹිණි. මෙම ගාස්තු සංශෝධනයට සමගාමීව විදුලි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ විදුලි බල කර්මාන්තයේ උන්නතිය සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් විශේෂ තීන්දු ගණනාවක්ද ක්‍රියාවට නැගීමට තීරණය කර ඇත. රජය විසින් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට ලබාදෙන රුපියල් බිලියන 15ක සහනාධාරය ඉලක්කගත පාරිභෝගිකයින්ට ලැබෙන පරිදි එම ගාස්තු සංශෝධනය ක්‍රියාවට නගා ඇත. ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 95කට ගාස්තු වැඩි නොවන ආකාරයට මෙම විදුලි ගාස්තු සංශෝධනය කිරීම විශේෂත්වයකි.

  • ගෘහස්ත සහ ආගමික සිද්ධස්ථාන කාණ්ඩයේ මාසික පරිභෝජනය ඒකක 180ට අඩු පාරිභෝගිකයින් සදහා විදුලි ගාස්තු වැඩි නොවේ.
  • කර්මාන්ත හෝටල් සහ පොදු කාර්ය කාණ්ඩයේ අංශයේ පළමු උප කාණ්ඩයටද (කුඩා හා මධ්‍යම ව්‍යාපාර) ගාස්තු වැඩි නොවේ

ගල් අගුරු තත්වය හේතුවෙන් සිදුවන අතිරේක විදුලි ජනන පිරිවැය විදුලි ගාස්තුවලට ඇතුලත් නොකිරීමට තහවුරු කිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට නියෝගයක්ද නිකුත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ගල් අගුරු තත්වය හේතුවෙන් සිදුවන අතිරේක පිරිවැය නැෂනල් සිස්ටම ඔපරේටර් සමාගම විසින් ඉලෙක්ට්‍රිසිටි ජෙනරේටර් සමාගමට නොගෙවිය යුතු අතර අදාල අතිරේක පිරිවැය තොරතුරු මාසිකව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කල යුතු බවටද කොන්දේසියක් පනවා ඇත.

ඊට අමතරව පහත සදහන් විශේෂ තීන්දු ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ගන්නා ලදී.

  • විදුලි ජනනය සදහා සාධාරණ මිල ගණන් යටතේ ඉංධන මිලදී ගැනීම සදහා ගිවිසුම් ගත වන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට නිකුත් කර තිබු බලාත්මක කිරීමේ නියෝගය කඩකිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
  • විදුලි ජනනය සදහා මිලදී ගන්නා ඉන්ධන සදහා මිල නියම කිරීමේ විනිවිද භාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විභාගයක් පැවත්වීමට
  • විදුලි ජනනය සදහා භාවිත කෙරෙන ඉන්ධන මිල පාරදෘශ්‍ය ක්‍රමයකට තීරණය කිරීම සදහා ගිවිසුම්ගත විය යුතු බවට පුද්ගලික බලාගාරවලට නියෝග කිරීම
  • විදුලිය මිලදී ගැනීම සහ සැපයීමට අදාලව 2026 සැප්තැම්බර් 9 වැනි දිනට පෙර ගිවිසුම් ගතවිය යුතු බවට  නැෂනල් සිස්ටම්  ඔපරේටර් සමාගම, ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් සමාගම, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් සමාගම සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට බලාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කිරීම

 

 

මෙම ගාස්තු සංශෝධනයේදී සියයට 18ක ගාස්තු වැඩිවීමක් පහත සදහන් පාරිභෝගික කාණ්ඩවලට බලාත්මක වේ.

පාරිභෝගික කාණ්ඩය ප්‍රතිශතක ඉහල යාම
ගෘහස්ත සහ ආගමික සිද්ධස්ථාන අංශයේ ඒකක 180ට වඩා වැඩි ඉහල පරිභෝජනයක් ඇති පාරිභෝගිකයින්  

 

මෙම ගාස්තු සංශෝධනයට සමගාමීව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි බල කර්මාන්තයේ බලපත්‍ර ලාභීන්ට පහත සදහන් වැඩිදුර කොන්දේසි ද පැනවීමට පියවර ගෙන ඇත.

  • ආනයනික ද්‍රව පොසිල ඉංධන මත රදාපැවත්ම ඉවත්කිරීම සදහා නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් 2026 දී විදුලි ජනන සැළැස්ම සංශෝධනය කර 2030 වන විට මෙම ඉලක්කය ලගා කර ගත යුතුය.
  • 2030ට පෙර විදුලි පාරිභෝගිකයින්ගේ මට්ටමින් කෙටි හා මධ්‍යකාලීන බැටරි ගබඩා ප්‍රවර්ධනයට පියවර ගත යුතු ය
  • බලපත්‍ර ලාභීන් විසින් නිසි කලට නිවැරැදි ලෙස ගාස්තු සංශෝධන වලට අදාල තොරතුරු ඉදිරිපත් කල යුතු බව සහ ප්‍රමාද වී කෙරෙන ඉදිරිපත් කිරීම් සහ දෝෂ සහිත ඉදිරිපත්කිරීම් හේතුවෙන් මතුවන හිගයන් වල වගකීම බලපත්‍රලාභීන් විසින් දැරිය යුතු අතර එම හිගයන් පාරිභෝගකයින්ගෙන් අයකර ගැනීමට ඉඩ දෙනු නොලැබේ.
  • විදුලි ගාස්තු වලදී ලැබෙන අතිරික්ත ප්‍රතිපාදන ඉදිරි ගාස්තු වලදී පාරිභෝගිකයින් වෙත සම්ප්‍රේශනය තහවුරු කිරීම සදහා එම මුදල් වෙනත් අවශ්‍යතා සදහා වියදම් කිරීම වැලැක්වීමට කොන්දේසි

වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් (077 2 943 193) අමතන්න

 

 

 

Conditions to the Licensee

Condition Deadline
1.        NSO shall revise its generation plan to eliminate the oil dependency for Sri Lanka generation mix by 2030 and to achieve Renewable Energy targets. Prosumer level BESS shall be promoted for short to medium term energy storage requirements. Plan to be revised by end 2026
 

2.        NSO, EGL, EDL and LECO shall enter into PPAs and PSAs

 

September 09, 2026

3.        All licensees shall ensure timely and accurate tariff submission, the licensees shall take the responsibility for losses incurred due to non-submission, delayed submission or technically defective submissions made by licensees and those losses will not be recovered from consumers through tariff. As applicable
 

4.        Licensee shall refrain from expending surplus funds generated out of tariffs which will be subsequently clawed-back (True-up/Ex-post adjustment) as per the Tariff Methodology.

The financial statements of licensees shall reflect the surplus/deficit amounts.

 

N/A

 

5.        NSO shall use the quarterly electricity purchase forecasts of Distribution Licensees in its quarterly submission of Bulk Supply Tariff.

Sales forecasts of Distribution Licensees shall match the generation forecast of NSO (loss adjusted)

 

As applicable

 

 

The post ප්‍රවෘත්ති නිවේදනය first appeared on PUCSL.

Source: PUCSL ↗

Related guides & tools

← Back to all alerts